IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මැටරඹ පාලම අසල උද්ඝෝෂණයක්

රවී ලියනගේ
 
ගාල්ල  හීනටිගල ගිනිගල මාර්යේ මැටරඹ පාලම ඉදිකිරීම් ප්‍රමාදවීමට  විරෝධය පළකරමින් ප්‍රදේශවාසීහු අද (13) ඉදිකරමින් පවතින එම පාලම අසලදී උද්ඝෝෂණයක නිරත වූහ.
 
ගාල්ල මැටරඹ හීනටිගල හරහා  ගිනිගල මාර්ගයේ  මැටරඹ පාලම අසල පිහිටා ඇති අඹගසත් ඉවත් කිරීමට ඒ ආශ්‍රිතව පදිංචි නිවසක හිමියන් විසින් විරෝධය පලකිරීම හේතුවෙන් අඹ ගස කපා මාර්ගයේ වැඩ අවසන් කරදෙන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීහු මෙසේ උද්ඝෝෂණයේ නිරත වුහ.
 
කෙසේ වෙතත් මෙම ඉඩම අසළ පදිංචිකරුවන් මෙම ඉඩමේ පිහිටි ගස ඉවත් කිරීමට  සහ ඔවුන්ගේ ඉඩමට වන  හානිය වෙනුවෙන්  ලක්ෂ හයක වන්දියක් ලබාදෙන ලෙස ඉල්ලා සිටි අතර එසේ ලබාදෙන්නේ නම් අඹ ගස කපා  දමා මර්ගය පිළිසකර කිරීමට ඉඩ ලබාදෙන බව පවසා සිටියහ.
 
මෙම  ස්ථානයට  දකුණු පළාත් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශයේ  අධීක්ෂණ මන්ත්‍රීවරුන් වන  ක්‍රිශාන්ත පුෂ්පකුමාර සහ චානක මාදුගොඩ  යන මහත්වරු පැමිණ දෙපාර්ශ්වය සමඟ සාකච්ඡා කර තත්ත්වය සමතයකට පත්කිරීමට උත්සාහ කළේය.
 
ප්‍රදේශවාසීන් ගස කපා පාලමේ වැඩ අවසන් කරන මෙන් උද්ඝෝෂණය කරමින් ඉල්ලා සිටි අතර  තවත් පිරිසක් ගස කපා දැමීමට පෙර වන්දි ලබාදිය යුතු බවත් ගස කැපූ වහාම  පාලමේ වැඩ අවසන්  කර දෙන බවට සහතිකයක් ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය.‍

දකුණු පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ  ඉල්ලීම මත අදාළ  වන්දිය වෙනුවට ලක්ෂ පහක වන්දි මුදලක් ලබාගැනීමට එකඟතාවය පළකරමින්  නිවෙස් හිමියන්  ගස කපා දැමීමට අවසර ලබාදෙන ලදී.



අදහස් (0)

මැටරඹ පාලම අසල උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site