හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර
බණ්ඩාරවෙල දික්අරාව ප්‍රදේශයේදී අද (17) පස්වරු 1.00ට පමණ මෝටර් රථයක් පාරෙන් ඉවතට විසිවී අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් එකම පවුලේ සිව් දෙනෙකු තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුළත් කළ බව බණ්ඩාරවෙල පොලීසිය කියයි.
වැල්ලවායට ගොස් ආපසු මහනුවර බලා යමින් සිටියදී මෝටර් රථය අනතුරට ලක්වීමෙන් තුවාල ලැබූ එම සිව් දෙනා අතර වයස අවුරුදු 3ක් පමණ වන කුඩා දරුවකුද, එම දරුවාගේ මව සහ පියා ඇතුළු තවත් අයෙකුද වන බව පොලීසිය කියයි.
රියදුරාට නින්ද යාම අනතුරට හේතුවී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයිද පොලීසිය වැඩිදුරටත් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd