(ජුඩ් සමන්ත)
මුන්දලම පොලිස් වසමේ මංගලඑළිය ප්‍රදේශයේ ගසක් යට තිබී අත් බෝම්බයක් අද (01) සොයා ගත් බව පොලීසිය කියයි.
බෝම්බය තිබූ ස්ථානයට යාබදව කිසියම් අයෙකු විසින් ගිනි තැබීමක්ද සිදු කර ඇති අතර එම අවස්ථාවේදී බෝම්බයේ ක්‍රියාකාරී කොටසට හානි සිදුවී ඇද්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය කියයි.
විශේෂ කාර්ය බලකායේ පුත්තලම කඳවුරේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් පැමිණ ඒ සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇත.
කව්රුන් විසින් කුමන හේතුවක් මත මෙම බෝම්බය ගෙනවිත් දැම්මාද යන්න මෙතෙක් අනාවරණය වී නැත. මුන්දලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd