රජය මාගරින්  සඳහා  සියයට 200ක බද්දක් ගසන බවත්, බදු බර බේකරි හිමියන්ට  ඉසිලිය නොහැකි බවත් සමස්ත ලංකා  බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පවසයි.

"රජය බදු පනවන විට ප්‍රීමා සමාගම ද තිරිඟු පිටි මිල වැඩි කරයි.  බේකරි හිමියන් පාන් මිල වැඩි කළ විට අතුරු විපාකය විඳින්නේ පාරිභෝගිකයාය. පාන් අඩු ආදායම් ලාභීන්ගේ  ආහාරයක් මිස සුඛෝපභෝගී පන්තියේ ආහාරයක් නොවේ"