මහින්ද නිශ්ශංක
පාවිච්චි කරන ලද මගී භාණ්ඩ ලෙස සඳහන් කරමින් ඉතාලියේ සිට මෙරටට නීතිවිරෝධි ලෙස එවන ලද පාර්සල් දෙකක තිබි හෂීස් කිලෝ 2 ග්‍රෑම් 945 ක්, කුෂ් නැමති ගංජා කිලෝ 2 ක් , විස්කි බෝතල් 220 ක් , වයින් බෝතල් 225 ක් හා බීර කෑන් 100 රේගු මගී භාණ්ඩ ශීක්ෂණ අංශය මගින් ඔරුගොඩවත්ත රේගු අංගනයෙදී අත්අඩංගුවට ගෙන ඇතැයි රේගු අධ්‍යක්ෂක හා රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි.
මෙම මත්ද්‍රව්‍ය හා මත්පැන් තොගයේ වටිනාකම රුපියල් කෝටි එකහමාරක් පමණ වෙතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක කීය.
මේ සම්බන්ධව ඉතාලියේ සිටි මගී භාණ්ඩ පාර්සල් මෙරටට එවන ලද සමාගමේ ශ්‍රී ලංකා නියෝජිත හා වාප්පු ලිපිකරු රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
438
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මගී භාණ්ඩ යයි අඟවා කෝටි එකහමාරක මත්කුඩු - මත්පැන් ගෙනෙයි
පිටිගල මිලානෝ Thursday, 05 July 2018 02:19 PM
ලංකාවේ ඉන්න අය මෙන්ම ඉතාලියෙන් බඩු එවන කෙනාද අල්ලන්න. ඒ අය තමයි වැඩි මිලක් ගෙන මත් පැන් බෝතල් යවන්න මිනිසුන්ව උනන්දු කරන්නේ. මේ අය බඩු යවන අතරේම මිනිසුන්ගේ බඩුත් හොරකම් කරලා රේගු නිලධාරින් ගත්තා කියා කියනවා. දශක ගණනක් සාමාන්‍ය ලෙස සිදුවූ මෙම වංචාව දැන්ද ඇල්ලුවේ? පුදුම ලෙස අවංක රෙගු නිලධාරි තමයි ලංකාවේ ඉන්නේ.