මහින්ද නිශ්ශංක
පාවිච්චි කරන ලද මගී භාණ්ඩ ලෙස සඳහන් කරමින් ඉතාලියේ සිට මෙරටට නීතිවිරෝධි ලෙස එවන ලද පාර්සල් දෙකක තිබි හෂීස් කිලෝ 2 ග්‍රෑම් 945 ක්, කුෂ් නැමති ගංජා කිලෝ 2 ක් , විස්කි බෝතල් 220 ක් , වයින් බෝතල් 225 ක් හා බීර කෑන් 100 රේගු මගී භාණ්ඩ ශීක්ෂණ අංශය මගින් ඔරුගොඩවත්ත රේගු අංගනයෙදී අත්අඩංගුවට ගෙන ඇතැයි රේගු අධ්‍යක්ෂක හා රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පවසයි.
මෙම මත්ද්‍රව්‍ය හා මත්පැන් තොගයේ වටිනාකම රුපියල් කෝටි එකහමාරක් පමණ වෙතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක කීය.
මේ සම්බන්ධව ඉතාලියේ සිටි මගී භාණ්ඩ පාර්සල් මෙරටට එවන ලද සමාගමේ ශ්‍රී ලංකා නියෝජිත හා වාප්පු ලිපිකරු රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඉන්න අය මෙන්ම ඉතාලියෙන් බඩු එවන කෙනාද අල්ලන්න. ඒ අය තමයි වැඩි මිලක් ගෙන මත් පැන් බෝතල් යවන්න මිනිසුන්ව උනන්දු කරන්නේ. මේ අය බඩු යවන අතරේම මිනිසුන්ගේ බඩුත් හොරකම් කරලා රේගු නිලධාරින් ගත්තා කියා කියනවා. දශක ගණනක් සාමාන්‍ය ලෙස සිදුවූ මෙම වංචාව දැන්ද ඇල්ලුවේ? පුදුම ලෙස අවංක රෙගු නිලධාරි තමයි ලංකාවේ ඉන්නේ.