IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මංකොල්ල කල්ලියකට සම්බන්ධ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

(සිරිනිහාල් ගමගේ)
වඳුරඹ ඌරල ප්‍රදේශයේ පසුගිය මාස 2ක කාලය තුළ නිවාස බිඳ මුදල් හා රන්භාණ්ඩ, ගෑස් සිලින්ඩර සොරකම් කළ ප්‍රදේශය බිය ගැන්වූ මංකොල්ල කල්ලියේ තිදෙනකු හා එම සොරකමට උදව් වූ තවත් සැකකරුවකු, සොරාගත් භාණ්ඩ ළඟ තබාගත් කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන තිබේ.

රන් මාල 5ක්, රන් මුදු 4ක්, රන් වළලු 4ක් හා තවත් රන් භාණ්ඩ  උකස් තැබූ ස්ථාන 3ක රිසිට් පත්, ගෑස් සිලින්ඩරයක්ද, යුද හමුදාවෙන් නිකුත් කළ රුපියල් දහසේ සමරු කාසියක් හා සොරකම් කිරීමට භාවිතා කළ පිහි, ඉස්කුරුප්පු නියන්, වෙස් මුහුණු ආදී භාණ්ඩ සහ සැකකරුවන් තිදෙනා සන්තකයේ තිබූ හෙරොයින් මත්කුඩු මිලි ග්‍රෑම් 400 ක්ද  පොලිස් බාරයට ගෙන ඇත. 

ඉකුත් මාස දෙකක කාලයක සිට මේ බවට වඳුරඹ පොලිසිය වෙත පැමිණිලි ලැබී ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරින්  බුද්ධි තොරතුරු මාර්ගයෙන් කරුණු රැස් කර අදාල සැකකරුවන් හා භාණ්ඩ සොයා ගෙන ඇත.

මෙම මංකොල්ල කණ්ඩායමේ ප්‍රධාන සැකකරුවකු වන රන් කැටියා නැමැත්තා ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට ගොස් නිවාස පරීක්ෂා කිරීමේදී, භාණ්ඩ සොරකම් කළ බවට පැමිණිලි කළ කාන්තාවගේ රන්මාලයක් හා වළල්ලක් නිවසේ තිබී හමුවී ඇති අතර එම සොරකම් කළ භාණ්ඩ සන්තකයේ තබාගත් සැකකරුගේ මවද පොලිස් අත්අඩංගුවට පත්වී ඇත.

මෙසේ සොරකම් කල භාණ්ඩ වඳුරඹ හා ගාල්ල ප්‍රදේශයේ රන් භාණ්ඩ විකුණුම් හලවල් වෙත උකස් කර හා විකුණා තිබී ඒවායින් කොටසක් සොයා ගත් බවත් තවත්, භාණ්ඩ කිහිපයක් උකස් කර ඇති රිසිට් පත් හමුවී ඇති බවත්, උසාවි නියෝගයක් ගෙන එම භාණ්ඩ අදාළ ස්ථාන වෙතින් ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය කියයි.

එක රන් මාලයක් සොරකම් කිරීමෙන් පසු එම සොරකමට සම්බන්ධ නොවූ අයකු ලවා උකස් කර තිබියදී සොයා ගත් බවත එම සැකකරුද අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි.මෙම සොරකම්වල ප්‍රධාන සැකකරු රාගම ප්‍රදේශයේ සොරකමකට සම්බන්ධ වී වසර 5ක් සිර ගතව සිට පැමිණි අයකු බවද පොලිසිය කියයි. මත් කූඩු පානයට ඇබ්බැහි වී සිටි මෙම සැකකරුවන් සොරකම් කල භාණ්ඩ උකස් කර මත්කුඩු පානය කර ඇති බවත් පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී ඇත.

මෙම වැටලීම හා පරීක්ෂණ වඳුරඹ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුක්මන් කුමාර මහතා ප්‍රමුඛ පොලිස් නිලධාරිහු සහභාගී වූහ.



අදහස් (0)

මංකොල්ල කල්ලියකට සම්බන්ධ සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 802 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 589 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site