(මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
ඩයගම පොලිස් වසමට අයත්, ඩයගම වෙවර්ලි තේ වතුයායේ “ආඩ්ලි” කොටසේ වතු නිවාස පේළියක් අසල අද (18) උදෑසන උපන් විගස දමා ගියේ යැයි සැක කරන බිළිඳකුගේ මළ සිරුරක් ඩයගම පොලීසිය මගින් අද පස්වරුවේ සොයාගෙන ඇත.
පොලීසියට ලද තොරතුරක් මත මෙම බිළිඳු මළ සිරුර සොයාගත් බව ඩයගම පොලීසිය පැවසීය.
නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා විසින් මළ සිරුර සොයාගත් ස්ථානයට අද (18) පස්වරුවේ පැමිණ ස්ථාන පරීක්ෂණය සිදු කිරීමෙන් පසුව විශේෂඥ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය පැවැත්වීම සඳහා මළසිරුර, නුවරඑළිය මහ රෝහල වෙත ගෙනයාමට නියමිත බව ඩයගම පොලීසියේ නිලධාරියෙක් පැවසීය.
මෙම බිළිඳාගේ මව සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් ලැබී නොමැති බවත්, වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.


2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
870
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2506
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
බිළිඳෙකුගේ මළ සිරුරක්