(මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
ඩයගම පොලිස් වසමට අයත්, ඩයගම වෙවර්ලි තේ වතුයායේ “ආඩ්ලි” කොටසේ වතු නිවාස පේළියක් අසල අද (18) උදෑසන උපන් විගස දමා ගියේ යැයි සැක කරන බිළිඳකුගේ මළ සිරුරක් ඩයගම පොලීසිය මගින් අද පස්වරුවේ සොයාගෙන ඇත.
පොලීසියට ලද තොරතුරක් මත මෙම බිළිඳු මළ සිරුර සොයාගත් බව ඩයගම පොලීසිය පැවසීය.
නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා විසින් මළ සිරුර සොයාගත් ස්ථානයට අද (18) පස්වරුවේ පැමිණ ස්ථාන පරීක්ෂණය සිදු කිරීමෙන් පසුව විශේෂඥ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය පැවැත්වීම සඳහා මළසිරුර, නුවරඑළිය මහ රෝහල වෙත ගෙනයාමට නියමිත බව ඩයගම පොලීසියේ නිලධාරියෙක් පැවසීය.
මෙම බිළිඳාගේ මව සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් ලැබී නොමැති බවත්, වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd