(ඩී.ජී.සුගතපාල)
මාතර සිට පොළොන්නරුව දක්වා ධාවනයවූ ලංගම බස් රථයේ කොන්දොස්තරවරයා අද (08) උදෑසන අහංගම හාතපැළැණේදි බස් රථයෙන් බිමට වැටි මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ පොළොන්නරුව ලං.ග.ම ඩිපෝවට අයත් බස් රථයක කොන්දොස්තරවරයාවු කදුරුවෙල පැරකුම් පෙදෙස අංක 838/1 පදිංචි එල්.ඩබ්ලිව්.පී.ප්‍රසන්න ගුරුසිංහ නමැති 46 හැවිරිදි අයෙකි.
ඔහු පාපුවරවේ සිට ප්‍රවේශපත්‍ර නිකුත් කරමින් සිටියදි එක් වරම බස් රථයෙන් බිමට වැටි මුහුද අයිනේ දමා තිබෙන කලුගලක හිස වැදිමෙන් බර පතල තුවාල ලබා ඇති අතර පසුව කරාපිටිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇත.
අනතුර සම්බන්ධයෙන් අහංගම පොලිසිය පරික්ෂණ පවත්වා ගෙන යනු ලබන අතර මියගිය අයගේ පශ්චාත් මරණ පරික්ෂණය කරාපිටිය රෝහලේදි පැවැත්වීමට නියමිතය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බසයෙන් වැටී කොන්දොස්තර මරුට
kamal Friday, 08 November 2019 07:05 AM
අපොයි දරුවෝ ඇති තාත්තා කෙනෙක් වෙන්න ඇති. දැන් කවුද ඒ දරු පවුල බලා ගන්නේ?