(ඩී.ජී.සුගතපාල)
ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිටදී අද(25) කාන්තාවක බස් රථයකට යටවී මියගොස් ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ පෝද්දල දෙල්ගහවත්ත පදිංචි පංගමුආච්චිගේ කරුණා නමැති 79 හැවිරිදි කාන්තාවකි.
ඇය ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරියෙන් බැසීමට යාමේදී බසයෙන් ඇදවැටී එම බස් රථයටම යටවී මියගොස් තිබේ.
අනතුර සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.
ගාල්ල පොලිසියේ රථ වාහන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd