(ඉන්දිකා රාමනායක)
බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී අපරාධකරුවන් ඇතුළු විවිධ වැරදි සම්බන්ධයෙන් 755 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් හා මෙහෙයවීම යටතේ පොලිස් ස්ථාන 110 ක පොලිස් නිලධාරීන් 1200 දෙනකු සහභාගි වූ බව පොලිස් ආරංචි මාර්ග කියයි.
ඊයේ (19) සිදුකළ සෝදිසියේ දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මෙහයුමේදී අපරාධ සම්බන්ධයෙන් පොලිස් ස්ථාන වලට අවශ්‍යව සිටි සැකකරුවන් 98 ට දෙනෙකු, වරෙන්තුකරුවන් 128 දෙනකු, මත්ද්‍රව්‍ය හා මත්පැන් සම්බන්ධයෙන් සැකකරුවන් 324 දෙනකු, සැකපිට 205 දෙනකු අත්අඩංගුවට ගත් බවද පොලිසිය කීය.
මෙම මෙහෙයුමේ දී ගංජා, මත්ද්‍රව්‍ය ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd