(දයාරත්න ඇඹෝගම)
දහතුන් හැවිරිදි බාලවයස්කාර දැරියක අපයෝජනය කළ බව කියන පුද්ගලයකු අද (9) ඕලුවැව දී අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නොච්චියාගම, ඕලුවැව පදිංචි 23 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.
අපයෝජනයට ලක්වු දැරිය සහ සැකකරු එකම ගම්මානයේ පදිංචිකරුවන්ය.
දැරිය සිය මව සහ සහෝදරයන් එකම නිවසක පදිංචිව සිටින බවත් මව කොහු මෝලක සේවය කරන බවත් පොලිසිය කියයි.
සිද්ධිය වූ දින නිවසේ කිසිවෙකු නොසිටි නිසා මව කොහු මොලේ වැඩට යාමට දැරිය ඇයගේ ලොකු අප්පච්චිගේ නිවසේ නතර කර තිබේ.
සැකකරැ අද (9) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd