IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


බලපත්‍ර රහිතව දැව ප්‍රවාහනය කළ ලොරි රථයක් අත්අඩංගුවට

(දෙනියාය විශේෂ එස් .ඩි .කොඩිකාර)


බලපත්‍ර රහිතව ගිනි සපු ප්‍රවාහනය කළ ට්‍රක් රථයක් සහ උණ ගස් ප්‍රවාහනය කළ කුඩා ලොරි රථයක් අද (24)  අත්අඩංගුවට ගත් බව කොස්මෝදර පොලිසිය පවසයි .


ගිනි සපු ප්‍රවාහනය කළ ට්‍රක් රථය කොටපොල, බටේබැද්ද  ප්‍රදේශයේ සිට අකුරැස්ස ප්‍රදේශයේ ලී මෝලක් කරා ප්‍රවාහනය කරමින් සිටියදී ගිනි සපු කඳන් 11 ක් සමග  ඕන පොලිස් විශේෂ කාර්යය බලකා කදවුර ආසන්නයේ දී අත්අඩංගුවට ගෙන ඇත .ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකකට වඩා අධික බව පොලීසිය පවසන අතර එහි රියදුරු පිටබැද්දර ප්‍රදේශයේ පදිංචි (33) හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි .


උණගස් ප්‍රවාහනය කළ කුඩා ලොරි රථය ගල්දොල ප්‍රදේශයේ සිට බෙංගමුව ප්‍රදේශය දක්වා  ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.එහි රියදුරු (29) හැවිරිදි බෙංගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.


පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි  අද (24) ක්‍රියාත්මක වූ විශේෂ අපරාධ හා රථවාහන මෙහෙයුමේ දී මොවුන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව කොස්මෝදර පොලිස්  ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දන අමරරත්න මහතා පැවසීය.


අත්අඩංගුවට ගත් සැකකරුවන් මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.


සිද්ධිය සම්බන්ධයෙන් කොස්මෝදර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර ජායාරූපයෙන් දැක්වෙන්නේ අත්අඩංගුවට ගන්නා ලද ගිණි සපු ට්‍රක් රථය සහ උණ ගස් ප්‍රවාහනය කළ කුඩා ලොරි රථය පොලිස් නිලධාරීන් පරික්ෂා කරන අයුරුයි.



අදහස් (0)

බලපත්‍ර රහිතව දැව ප්‍රවාහනය කළ ලොරි රථයක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31602 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13969 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11088 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 168 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1098 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 306 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site