අජිත්ලාල් ශාන්තඋදය
එක්සත් ජාතික පක්‍ෂයට බලය හිමි බළන්ගොඩ නගර සභාවේ 2019 වසරේ අයවැය ලේඛනය විපක්‍ෂය නියෝජනය කරන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභිකයන් කිසිවකුගේ සභභාගීත්වය නොමැතිව අද (5) පැවති එම සභාවේ විශේෂ රැස්වීමක දී වැඩි ඡන්ද අටකින් සම්මත විය.
සභාපති තමික ජයමිණි විමලසේන මහතාගේ මූලාසනයෙන් යුතුව අද (05) පෙරවරු 10.30ට පමණ මෙම රැස්වීම පැවැත්විණි. අයවැය සම්මත කිරිමේ විශේෂ සභාව පසුගිය 3 වැනි දාට නියමිතය.
බළන්ගොඩ නගර සභාව පාලනය කරන්නේ එක්සත් ජාතික පක්‍ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය ද එක්විය. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභිකයන් තිදෙනෙකු තේරීපත්ව සිටින අතර එක් සභිකයකු වන හිටපු නගර සභා සභාපති නිමල් ගාමිණි වීරසිංහ මහතා ද මෙම අවස්ථාවට පැමිණ සිටියේ නැත.
එක්සත් ජාතික පක්‍ෂයේ සභිකයන් 6 දෙනාද, උප සභාපති එම්.එල්.එම්. රූමි මහතා ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ සභිකයන් දෙදෙනෙකු ද අයවැයට පක්‍ෂව න්දය දුන්නේය. ජනතා විමුක්ති පෙරමුණේ එකම සභිකයාවූ කේ.ජී.පේ‍්‍රමදාස මහතා අයවැයට විරුද්ධව ඡන්දය දුන්නේය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බලන්ගොඩ නගර සබේ අයවැය සම්මතයි