(ප්‍රියාණි මංගලිකා )
කොබෙයිගනේ බුලන වැවේ ජලජ ශාඛ ඉවත් කිරීමට ගොස් අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර නාවික හමුදා කිමිදුම් කණ්ඩායම් අද (18) පෙරවරුවේ ගොඩ ගැණුන බව කොබෙයිගනේ පොලීසිය පැවසීය.
බුලන වැවේ මඩේ එරීමෙන් මෙසේ මියගොස් සිටි අය නොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචි සුගත් රෝහන අමරසිංහ (46) නැමති තිදරු පියෙකු බවට හඳුනාගෙන ඇති බවද පොලීසිය සඳහන් කලේය .
බුලන වැව කලක සිට ජපන් ජබර ශාඛ වලින් වැසී යාම හේතුවෙන් ගමේ පිරිසක්ද සමග බැකෝ යන්ත්‍රයක්ද උපයෝගී කරගනිමින් මෙම පුද්ගලයාද වැව පිරිසිදු කිරීමේ නිරත වෙමින් සිටියදී ,ජලජ ශාඛ ඇදීමට ගැඹුරු දියට ගිය අවස්ථාවේ අතුරුදන්ව ඇති අතර කොබෙයිගනේ පොලීසිය විසින් නාවික හමුදා කිමිදුම් නිලධාරීන් යොදවා සිරුර ගොඩගෙනඇත.
සිරුර පිළිබඳව වූ හදිසි මරණ පරීක්ෂණය නිකවැරටිය මූලික රෝහලේදී අද ( 18) සිදු කිරීමට නියමිත තිබු අතර සිද්ධිය සම්බන්ධයෙන් කොබෙයිගනේ පොලීසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදු කෙරේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
බුලන වැවේ අතුරුදන් වු තිදරුපියාගේ සිරුර හමුවෙයි