(අනීෂා මානගේ)
බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී රජරට රැජිණි දුම්රියෙහි එන්ජිම දුම්රියට සවිකිරීමට යාමේදී සිදුවූ දෝෂයක් හේතුවෙන් එක් මැදිරියක් පීලි පැනීමකට ලක්ව ඇති අතර දුම්රියේ එන්ජිමට සහ මැදිරියකට දැඩි හානි සිදුව තිබිණි.
වව්නියාව සිට බෙලිඅත්ත බලා ධාවනය කර යළි බෙලිඅත්තෙන් පස්වරු 4.25ට මාතර දුම්රිය ස්ථානය දක්වා ධාවනය කිරීමට නියමිතව තිබූ රජරට රැජිණි දුම්රිය මෙලෙස බෙලිඅත්ත දුම්රිය ස්ථානයේදී අද(21) අනතුරට ලක්ව ඇත.
රජරට රැජිණි දුම්රිය බෙලිඅත්ත දුම්රිය ස්ථානයට පැමිණ යළි පස්වරු 4.25ට ගමන් ආරම්භ කිරීම සඳහා දුම්රිය එන්ජිම සවිකිරීමට යාමේදී අනතුර සිදුව තිබේ. දුම්රිය එන්ජිම පසුපසට ධාවනය කිරීමේදී වේගයෙන් පැමිණ ඉදිරිපස තුන්වන පන්තියේ මැදිරියෙහි ගැටී ඇති අතර එම මැදිරිය තල්ලු වී ගොස් දෙවැනි පන්තියේ මැදිරියක ගැටී ඇත.
මේ නිසා තුන්වන පන්තියේ මැදිරියෙහි ඉදිරිපස කොටස සහ දුම්රිය එන්ජිමට දැඩි හානි සිදුව තිබිණි. එන්ජිමෙහි පාපුවරුව සහ මැදිරියෙහි පාපුවරුවක් ගැලවී තිබූ අතර මැදිරිය සහ එන්ජිම සවිකරන ස්ථානයට දැඩි හානි සිදුව තිබිණි. අනතුර හේතුවෙන් දුම්රිය එන්ජිමෙහි ඉන්ධන ටැංකිවලටද හානි සිදුව ඇත. දුම්රියෙහි ඉදිරිපස මැදිරිය වේදිකාවෙහි වැදී තිබීම නිසා දුම්රිය වේදිකාවටද හානි සිදුව තිබූ ආකාරය දක්නට ලැබිණි.
දුම්රිය යථා තත්ත්වයට පත් කිරීමට අද පස්වරු කාලයේදීම අලුත්වැඩියා කටයුතු ආරම්භ කර තිබිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd