(චන්ද්‍රසේන ගමගේ)
ධීවර සංස්ථාව බෙලිඅත්ත නගරයේ පවත්වාගෙන ගිය මත්ස්‍ය අළෙවිසැලට අද (07) බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් මූද්‍රා තබා තිබේ.
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ ගොඩනැගිල්ලක පවත්වා ගෙන ගිය මෙම මත්ස්‍ය අළෙවිසැලෙහි පිරිස විසින් ප්‍රාදේශීය සභාවට ගෙවිය යුතු බදු මුදල් නොගෙවීම නිසා මෙලෙස මුද්‍රා තැබූ බවද ප්‍රාදේශීය සභාවේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේය.
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ මහතා සඳහන් කළේ බෙලිඅත්ත ප්‍රාදේශීය සභාව සතු ගොඩනැගිල්ලක මෙම වෙළෙඳසැල පවත්වා ගෙන යන බවයි. මාස 18න් පමණ සභාවට මාසිකව අයවිය යුතු බදු මුදල වූ රුපියල් 5000 ගෙවීමට එම අළෙවිසැලේ නිලධාරීන් කටයුතු කිරීම නිසා මෙසේ මූද්‍රා තැබීමට සිදු වූ බව ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd