(අනීෂා මානගේ)
බෙලිඅත්ත නව දුම්රිය ස්ථානයේ ආරක්ෂක හමුදා කාර්යාලය විවෘත කිරීම අද(25) දුම්රිය හමුදා ආරක්ෂක අධිකාරී අනුර ප්‍රේමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
මාතර - බෙලිඅත්ත දුම්රිය ව්‍යාපෘතියට අයත් බෙලිඅත්ත නව දුම්රිය ස්ථානය ඉකුත් අප්‍රේල් මස 8 වැනිදා ජනතා අයිතියට පත් කළද බෙලිඅත්ත දුම්රිය ස්ථානයට දුම්රිය ආරක්ෂක හමුදා කාර්යාලයක අඩුවක් පැවතිණි.
දුම්රිය ආරක්ෂක හමුදා නිලධාරීන්ගේ එදිනෙදා වැඩ කටයුතු පහසු කිරීමේ අරමුණින් මෙම කාර්යාලය පිහිටුවා ඇති අතර අද දින සිට නිලධාරීන් දහතුන්දෙනකු බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ සේවයේ යොදවා ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd