(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති මේනක විමලරත්න මහතා ප්‍රමුඛ පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරු, මන්ත්‍රීවරියෝ පිරිසක් අද(21) ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාව ඉදිරිපිට ගාලු පාර අසළදී විරෝධතාවයක නිරත වූහ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අද (21) මාසයක් පිරීම නිමිත්තෙන් රජයට විරෝධය දැක්වීම සඳහා ඔවුහු ප්‍රාදේශීය සභා මාසික රැස්වීම ආරම්භ වීමට පෙර පෙරවරු 10 ට පමණ මෙම විරෝධතාවයේ නියැලුණහ.
අනතුරුව සභාපතිවරයා ඇතුළු මන්ත්‍රී පිරිස එම පුවරු රැගෙන රැස්වීම් ශාලාවට ඇතුළු වූ අතර සුළු වේලාවක් ඒ තුළ ද විරෝධතාවයේ නිරත වූහ.
රට ආගාදයට ඇද දමන රිෂාඩ් බදියුදීන්, මංගල සමරවීර යන අමාත්‍යවරුන් වහා ඉවත් කිරීමට පාලකයන් කටයුතු කළ යුතු යැයි බේරුවල ප්‍රාදේශීය සභාවේ සභාපති මේනක විමලරත්න මහතා එහිදී ප්‍රකාශ කළේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd