(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල ප්‍රදීපාගාරයට විනෝදවීමට ධීවර බෝට්ටු දෙකකින් ගොස් එහිදී ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් දෙදෙනෙකු තුවාල ලබා අද (12) කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි බේරුවල පොලිසිය පැවසීය.
බේරුවල මස්සල හා මරදාන යන ප්‍රදේශවල පදිංචි මිතුරන් 13 දෙනෙකු බේරුවල ප්‍රදීපාගාරය ආසන්නයේ මුහුදේ දිය නා මත්පැන් පානය කර ප්‍රදීපාගාරයේ වෙත විනෝද වීමට ගොස් ඇති අතර එම පිරිසෙන් දෙදෙනෙකුට එම මිතුරන් අතරින් සිටි තවත් දෙදෙනකු බෝතලයක් බිඳ තුවාල සිදු කළ ඇත. අනෙක් තැනැත්තාට මසුන් ඇල්ලීමට භාවිත කරන විශාල ප්‍රමාණයේ බිලී කොක්කකින් උදරයට ඇන තුවාල සිදුකර ඇති බව බේරුවල පොලිසිය පැවසීය.
සිද්ධියට සම්බන්ධ සැකකාර තරුණයන් හතරදෙනෙකු බේරුවල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු පිරිස අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිසිය කියයි.
රෝහල්ගත කර තිබෙන තුවාලකරුවන් දෙදෙනා සහ අත්අඩංගුවට ගත් සිව්දෙනා අධික ලෙස මත්පැන් පානය කර තිබෙන බව වෛද්‍ය පරීක්ෂණවලින් හෙළිවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd