IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


බේරුවල ගැටුමකින් දෙදෙනෙක් රෝහලේ

(තුසිත කුමාර ද සිල්වා)

බේරුවල ප්‍රදීපාගාරයට විනෝදවීමට ධීවර බෝට්ටු දෙකකින් ගොස් එහිදී ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් දෙදෙනෙකු තුවාල ලබා අද (12) කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇතැයි බේරුවල පොලිසිය පැවසීය.

බේරුවල මස්සල හා මරදාන යන ප්‍රදේශවල පදිංචි මිතුරන් 13 දෙනෙකු බේරුවල ප්‍රදීපාගාරය ආසන්නයේ මුහුදේ දිය නා මත්පැන් පානය කර ප්‍රදීපාගාරයේ වෙත විනෝද වීමට ගොස් ඇති අතර එම පිරිසෙන් දෙදෙනෙකුට එම මිතුරන් අතරින් සිටි තවත් දෙදෙනකු බෝතලයක් බිඳ  තුවාල සිදු කළ ඇත. අනෙක් තැනැත්තාට මසුන් ඇල්ලීමට භාවිත කරන විශාල ප්‍රමාණයේ බිලී කොක්කකින් උදරයට ඇන තුවාල සිදුකර ඇති බව බේරුවල පොලිසිය පැවසීය.

සිද්ධියට සම්බන්ධ සැකකාර තරුණයන් හතරදෙනෙකු බේරුවල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු පිරිස අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිසිය කියයි.

රෝහල්ගත කර තිබෙන තුවාලකරුවන් දෙදෙනා සහ අත්අඩංගුවට ගත් සිව්දෙනා අධික ලෙස මත්පැන් පානය කර තිබෙන බව වෛද්‍ය පරීක්ෂණවලින් හෙළිවී තිබේ.



අදහස් (0)

බේරුවල ගැටුමකින් දෙදෙනෙක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site