ජර්මනියේ බර්ලින් නුවර ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ වාර්ෂික කඨින පිංකම විහාරාධිපති ගම්පහ දොරණෑගොඩ ශ්‍රී සුමන්තින්දාරාම රජමහා විහාරාධිපති හා සදානන්ද පරිවේනාධිපති රඹුක්වැල්ලේ දේවානන්ද හිමියන්ගේ අනුශාසනා පරිදි බර්ලින් නුවර සිංහල, ජර්මන් දායකත්වයෙන් ඔක්තෝබර් 15 වැනි දා උදේ 10 සිට දවස පුරා එස්. ඕ.එස් කින්ඩර්ඩ්‍රොෆ් බර්ලින් මොබිට් 10551 හී වොල්ඞ් ස්ට‍්‍රාස 23/24 දරණ ස්ථානයේ එස්. ඕ.එස් ළමා ගම්මානයේදී පැවැත් වීමට යයි.
සූරිච් බෞද්ධ විහාරාධිපති ජිනිවා ජාත්‍යන්තර බෞද්ධ පදනමේ උපදේශක මල්වතු පාර්ශවයේ ජර්මනියේ ප‍්‍රධාන සංඝ නායක වල්පොල කළ්‍යාණතිස්ස නාහිමි, පැරිස් සමාධි බෞද්ධ විහාරාධිපති තලංගල්ලේ සුමංගල හිමි, විහාරවාසී කැස්බෑව කහපොල සඳහම් සෙවන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති කිරින්දේ ධම්මාලෝක හිමි, ඩෙන්මාර්කයේ කෝපන්හේගන් බෞද්ධ විහාරාධිපති මාරතුගොඩ උපරතන හිමි, දෙහිවල ශ්‍රී මහාබෝධී විහාරවාසි කුරගම්මන ධම්මික හිමි,මණ්ඩාවිල සුමනාරාමවාසී ඇතාබැදියායේ සුගතනන්ද හිමි, ඩාලවිට්ස් ධම්මකාය තායි හිමි, විහාරාධිපති ප‍්‍රා මොන්චායි සෙතනාපෝන් හිමියන් මේ පිංකමට වැඩම කරති.
බර්ලින් නුවර රෝයි පතිරණ මහතා සහ ශිරානි ඩිපෝල්ස් මහත්මිය කඨින පිංකමේ ප්‍රධාන දායකයෝය. ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති කරුණාතිලක අමුණුගම, තායිලන්ත තානාපති ආචාර්ය ධීරචත් භූමිචිට් හා කාම්බෝජ තානාපති තායි චුන් මහතා, ජර්මන් බෞද්ධ සංගමයේ සභාපති රෙනර් නොවාක් මහතා ඇතුළු ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ පිරිස් ද සිංහල, ජර්මන්, තායි, වියට්නාම්, කාම්බෝජ, ලා ඕස් බෞද්ධයෝ සහභාගි වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd