IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


බ්‍රිතාන්‍ය පොලිසිය දැඩි තීරණයක

මැන්චෙස්ටර් ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ තොරතුරු හුවමාරු කරගැනීම නවතා දැමීමට බ්‍රිතාන්‍ය පොලිසිය තීරණය කර ඇත.

අදාළ තොරතුරු ඇමෙරිකා මාධ්‍ය වෙත අනාවරණය වනු ඇතැයි ද එයින් බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු සොයා කෙරෙන විමර්ශන කටයුතුවලට බාධා එල්ල වනු ඇතැයි ද යන හේතු නිසා කරගෙන බ්‍රිතාන්‍ය පොලිසිය එක්සත් ජනපදය සමඟ තොරතුරු හුවමාරු කරගැනීම නවතා දමා තිබේ.

සඳුඳා (22) එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පොලිසිය වේගයෙන් විමර්ශන කටයුතු කෙරෙන අවස්ථාවක අදාළ තොරතුරු වාර්තා විය.
මැන්චෙස්ටර් හි ‘මැන්චෙස්ටර් එරීනා’ වෙත එල්ල වූ ප්‍රහාරයෙන් කුඩා දරුවන් ද ඇතුළුව 22 දෙදෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් එවැනිම ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි බියක් මුළු බ්‍රිතාන්‍ය තුළ පැතිර තිබේ.

ප්‍රහාරයෙන් පසු ලන්ඩනය ද ඇතුළුව බ්‍රිතාන්‍ය ප්‍රධාන ස්ථානවල ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළ අතර ප්‍රහාරයෙන් පසු කාලයේදී අට දෙනෙක් අත්අඩංගුවට පත්වූහ.
බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇත්තේ 22 හැවිරිදි බ්‍රිතාන්‍යයේ උපත ලැබූ සල්මන් අබේදි නැමැත්තකු බව පොලිසිය කියයි. ඔහු කිසියම් සටන්කාමී ජාලයක කොටස්කරුවකු යැයි ද ඔහුගේ මාපියන් උපත ලැබූ ලිබියාවේ යැයි ද ප්‍රහාරයට දින කිහිපයකට බ්‍රිතාන්‍යයට පැමිණ ඇතැයි ද අනාවරණය වී තිබේ.

නිව්යෝක් ටයිම්ස් පුවත්පත බෝම්බ ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ ඡායාරූප පළ කිරීමත් ඇමෙරිකා මාධ්‍ය රහස්‍ය තොරතුරු අනාවරණය කිරීමත් නිසා එවැනි සිදුවීම්වලින් ආරක්ෂාව සම්බන්ධයෙන් ඇමෙරිකාව මිතුරන් ලෙස සලකා කටයුතු කිරීමේ විශ්වාසය පළුදු විය හැකි යැයි බ්‍රිතාන්‍යයේ පොලිස් ප්‍රධානීන් අවධාරණය කර තිබේ.

“ත්‍රස්තවාදයට එරෙහිව ප්‍රධාන පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙද්දි සාක්ෂි සහ මාධ්‍ය ආවරණය නොකළ කරුණු ප්‍රසිද්ධියට පත් කිරීම සැලකිය යුතු කරුණක්” යැයි බ්‍රිතාන්‍යයේ ජාතික ත්‍රස්ත විමර්ශන පොලිසියේ ප්‍රකාශකයා නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය.

බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ මහත්මිය බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවැත්වෙන නේටෝ හමුවක් අතරතුර ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මහතා හමු වී සාකච්ඡා කිරීමට නියමිත බව බ්‍රිතාන්‍ය රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

නිව්යෝක් ටයිම්ස් පළ කළ ඡායාරූප අතර බෝම්බයේ ඉතිරි කොටස්, මරාගෙන මැරෙන බෝම්බකරු රැගෙන ආ ගමන් මල්ල හා තැන තැන විසිරී ඇති ලේ පැල්ලම් දැක්වෙන ඡායාරූප තිබී ඇත.



අදහස් (0)

බ්‍රිතාන්‍ය පොලිසිය දැඩි තීරණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 687 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2358 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site