IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


බර ඉසිලීමේ ක්‍රීඩිකා ඉෂානිට සජිත්ගෙන් නිවසක්

(ඩයනා උදයංගනී)

ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ජයග‍්‍රහණ ලැබූ බර හා සවි ඉසිලීමේ ක‍්‍රීඩිකාවක වන ඉෂානි අනුෂ්කා කළුතන්ත‍්‍රි මහත්මිය වෙත මොරටුව,  අගුලාන, සයුරුපුර මහල් නිවාස සංකීර්ණයෙන් රුපියල් ලක්‍ෂ 30ක් වටිනා නිවසක් ලබාදීම එක්සත් ජාතික පක්‍ෂයේ නියෝජ්‍ය නායක, නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතින් අද (26)  සිදුකෙරිණි.
 
පසුගිය 2016 වසරේ පැවති දකුණු ආසියාතික බර ඉසිලීමේ තරගාවලියේදී කිලෝග‍්‍රෑම් 75 බර පන්තියේ දෙවන ස්ථානය, 2011 වසරේ පැවති දකුණු ආසියාතික කනිෂ්ඨ බර සහ සවි ඉසිලීමේ තරගාවලියේ කිලෝග‍්‍රෑම් 75 බර පන්තියේ  රන් පදක්කම් ඇතුළු ජාත්‍යන්තර හා ජාතික මට්ටමේ ජයග‍්‍රහණ රැසක් ලබා ඇති ඇය හම්බන්තොට වලස්මුල්ල ප‍්‍රදේශයේ පදිංචිකාරියකි.
 
කුලී පදනම මත ලබාගත් නිවසක සිට තම පුහුණු කටයුතුවල නිරතව සිටින ඇය ඉදිරියේදී ඉදිරිපත්වීමට නියමිත සාෆ් තරගාවලිය සඳහා දිරිගැන්වීමක් ලෙස මෙම නිවස ලබාදුන් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
                
තමන් විසින් මේ වන විට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 42කට නිවාස ලබාදී තිබෙන බවද ඇමතිවරයා කීවේය.

ඡායාරූප - ළහිරු හර්ෂණ



අදහස් (0)

බර ඉසිලීමේ ක්‍රීඩිකා ඉෂානිට සජිත්ගෙන් නිවසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32347 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14860 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 95 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 375 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1301 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site