IMG-LOGO

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා


බඹරු කොට්ටුකච්චිය පාසලේ ප්‍රාථමික අංශය වසා දමයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව කොට්ටුකච්චිය නවෝද්‍යා විද්‍යාලයේ ප්‍රාථමික අංශය ආසන්නයේ ගසක තිබු බඹර කුඩයක්  හේතුවෙන් අද ( 8 ) ප්‍රාථමික අංශයේ දරුවන් ආපසු නිවෙස් වෙත යැවීමට කටයුතු කළ බව විදුහල්පති ප්‍රියන්ත සමන් කුමාර මහතා පැවසීය.

විද්‍යාලයේ ප්‍රාථමික අංශයට ආසන්නව පාසල් භූමියේ දැවැන්ත කුඹුක් ගසක අඩි 100 කට ආසන්න උසකින් ඇති අත්තක බැද තිබූ බඹර කුඩය තුළ සිටි බඹරුන් ඇවිස්සීමත් සමග දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රාථමික අංශයේ 1 ,2, හා 3 ශ්‍රේණිවල දරුවන් 400ක් පමණ ආපසු නිවසේ වෙත යැවීමට විදුහල්පතිවරයා කටයුතු කර තිබිණි.

මෙම බඹර කුඩය දැනට සති දෙකකට පෙර මෙම කුඹුක් ගසේ බැදීම ආරම්භ කර තිබුණ ද අධික උසකින් යුක්තවීමත් ඒ ආසන්නයට ගමන් කිරීමට නොහැකි වීමත් නිසා බඹර කුඩය ඉවත් කිරීමට නොහැකි වී තිබූ බව කියයි.

කෙසේ වෙතත් ඊයේ (7) රාත්‍රියේ වන ජීවි නිලධාරීන් පාසල් භූමියට පැමිණ විවිධ උපක්‍රම භාවිතා කරමින් බඹරුන් පළවා හැරීමට කටයුතු කර තිබුණ ද එය සාර්ථක වී නොතිබිණි.

 



අදහස් (0)

බඹරු කොට්ටුකච්චිය පාසලේ ප්‍රාථමික අංශය වසා දමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32363 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14872 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 99 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 377 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1305 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site