(රංජිත් රාජපක්ෂ)
මස්කෙලිය පොලිස් වසමට අයත් තේ වතු දෙකක දලු නෙළමින් සිටි වතු කම්කරුවන්ට අද (23) බඹරු ඇනීමෙන් කම්කරුවන් 20 දෙනෙකු මස්කෙලිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලිසිය පැවසීය.
මස්කෙලිය ගවරවිල සහ සාමිමලේ යන තේ වතුවල කම්කරු කාන්තාවන් 16 දෙනෙකු සහ වතු කම්කරුවන් සිව්දෙනෙකුට මෙම බඹර ඇන ඇත.
බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් සිව්දෙනෙකු පමණක් නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්, වතු කම්කරුවන් බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගිය බවත් මස්කෙලිය ප්‍රාදේශීය රෝහලේ නිලධාරියෙක් කියා සිටියේය.
බඹර ප්‍රහාරය සම්බන්ධයෙන් මස්කෙලිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd