(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිස් වෙසින් ගොස් වෛද්‍යවරයෙකුගේ අට හැවිරිදි දියණිය හා බිරිඳ පැහැරගෙන කෝටි 10 ක කප්පමක් ලබා ගැනීමට සැලසුම් කළ පුද්ගලයන් දෙදෙනා අද (23) කලුතර මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් බාරයට පත්කරනු ලැබුවේ නාගොඩ පදිංචි ප්‍රසාද් සුරංග නැමැති කපුවෙකු සහ කලුතර දකුණ පදිංචි නුවන් කුමාර නැමැති පුද්ගලයන් දෙදෙනාය.
සිද්ධියට සම්බන්ධ කපුවාගේ පුතා සහ වෛද්‍යවරයාගේ දියණිය මීට වසර දෙකකට පමණ පෙර කලුතර ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලබා තිබේ.
විදුහලේ පැවැති සහතික පත් ප්‍රදානයකදී වෛද්‍යවරයාගේ දියණිය අංශ කිහිපයක් යටතේ සහතිකපත්‍ර රැසක් දිනා ගැනීම සහ කපුවාගේ දරුවා දක්ෂයකු වුවද ඔහුට පාසලෙන් කිසිම ඇගයීමක් ලබානොදීම හේතුවෙන් අමනාප වූ ඔහු මෙය සැළසුම් කළ බව පරීක්ෂණවලදී අනාවරණය කරගෙන ඇතැයි පොලීසිය කියයි.
සැලසුම පිළිබඳව දොඩංගොඩ පොලිසියට ලැබූණු තොරතුරක් අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
සැළසුම ව්‍යර්ත වුවහොත් බෝම්බක් පුපුරුවා බිරිද සහ දියණිය ඝාතනය කිරීමට සැලසුම් කර තිබූ බවද අනාවරණය වී ඇත.
ප්‍රධාන සැකකරු වන කපු මහතාගේ දුරකතය පරීක්ෂා කිරීමේදී පොලිස් නිලඇදුමින් සැරසුණු ඡායාරූප තිබී සොයාගෙන ඇත.
2025 දෙසැම්බර් මස 16
25
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
822
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
බෝම්බ පිහිට සෙවූ කපුවා රිමාන්ඩ්