දුම්රිය අනාරක්ෂිත ගේට්ටුකරුවන් ආරම්භ කර තිබූ වර්ජනය අද(2) පෙරවරුවේ අවසන් කළ බව ශ්‍රී ලංකා අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග ගේට්ටු ක්‍රියාකරු සාමාජිකත්ව එකමුතු සංගමයේ සභපති ජේ.ඒ.සි.ප්‍රේමලාල් මහතා පැවැසිය.
ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝඡ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා ප්‍රේමලාල් මහතා ට දුරකථන ඇමැතුමක් ලබා දි මේ සම්බන්ධව පත්කර ඇති කැබිනට් මණ්ඩලයේ කමිටුව අද රැස්වෙන බවත් වැටුප් ප්‍රමාණය වැඩි කිරිම සම්බන්ධ යෝජනාවක් කමිටුවට ඉදිරිපත් කර ඇති බවත් එහිදි විසදුමක් නොලැබුනහොත් අගමැති දැනුම්වත් කර විසඳුමක් ලබා දිමට කටයුතු කරන බවත් කියා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd