(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මත්පැන් පානය කර පාසල් සිසුවියන් රැගෙන යාම සඳහා නුගේගොඩ පාසලක් ඉදිරිපිට සුදානමින් සිටි රියදුරන් දෙදෙනෙකු අද (10) අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය කියයි.
එක් වෑන් රථයක සිසුවියන් 12 දෙනෙකු පමණ සිටි බවත් අනෙක් වෑන් රථයේ සිසුවියන් 10 දෙනෙකු පමණ සිටි බව පොලිස් නිලධාරියෙකු පැවැසීය.
පාසල් වෑන් රථ රියදුරන් මත්පැන් පානය කර සිටින බවට කොහුවල පොලිසියට ලැබුණු තොරතුරක් මත මෙසේ සෝදිසි කිරීම සිදුකළ බව පොලිසිය කියයි.
අත් අඩංගුවට ගත් වෑන් රථ රියදුරන් දෙදෙනාගෙන් අයෙකු කෙලින් සිට ගැනීමට නොහැකි තරම් අධික ලෙස මත්පැන් පානය කර සිටි බව පොලිසිය පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd