IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


බීමතින් රිය පැදවු 6 ක් කහටගස්දිගිලිය දී අත්අඩංගුවට


 
 
(දයාරත්න ඇඹෝගම)
 
බීමතින් රිය පැදවු රියදුරන් හය දෙනෙකු කහටගස්දිගිලිය නගරයේදී අද (1) අලුයම අත්අඩංගුවට ගත් බව කහටගස්දිගිලිය පොලිසිය කියයි.


මේ දිනවල කහටගස්දිගිලිය නගරයේ පැවැත්වෙන සැණකෙළිය නැරඹීමට පැමිණෙන රියදුරන් බොහෝ දෙනෙකු බීමත්ව රිය පදවන බවට පොලිසියට ලැබුණූ පැමිණිලි මත කහටගස්දිගිලය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක  ප්‍රදිප් මංජුල උඩුමලගල මහතාගේ උපදෙස් මත මෙම වැටලම සිදු කෙරිණි.


මෙම මෙහෙයුමේදී බීමතින් යතුරුපැදි ධාවනය කළ පුද්ගලයන් සිව් දෙනෙකුද ත්‍රී රෝද රථ රියදුරන් දෙදෙනෙකු ද මෙසේ අත්අඩංගුවට පත්විය. 


අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරොව්පොතාන මොරකැව ප්‍රදේශයේ පදිංචිකරුවෝ පිරිසකි.


අත්අඩංගුවට ගනු ලැබු රියදුරන් හය දෙනා පොලිස් ඇප මත මුදා හරන ලද අතර ඔවුන් මේ මස 24 වැනි දා යළි අධිකරණයට ඉදරිපත් කිරිමට නියමිතය.



අදහස් (2)

බීමතින් රිය පැදවු 6 ක් කහටගස්දිගිලිය දී අත්අඩංගුවට

don Friday, 01 June 2018 08:40 AM

කොහොමත් ත්‍රිවිල් සහ යතුරු පැදි විතරයි අල්ලන්නෙ පොලිසියෙන්

:       0       53

jayatissa Sunday, 03 June 2018 12:27 PM

කොහොමත් බීගෙන එලවනවට නම් දඬුවම් දුන්නට දොස් කියන්න බැහැ. ඒත් නීතිය සියලු දෙනාට එක වෙන්න ඕනේ. ඕන තරම් අනිත් රියදුරුලවත් අල්ලලා තියනවනේ පොලිසියට දොස්ම කියන්න හොඳ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 478 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site