(දයාරත්න ඇඹෝගම)
බීමතින් රිය පැදවු රියදුරන් හය දෙනෙකු කහටගස්දිගිලිය නගරයේදී අද (1) අලුයම අත්අඩංගුවට ගත් බව කහටගස්දිගිලිය පොලිසිය කියයි.
මේ දිනවල කහටගස්දිගිලිය නගරයේ පැවැත්වෙන සැණකෙළිය නැරඹීමට පැමිණෙන රියදුරන් බොහෝ දෙනෙකු බීමත්ව රිය පදවන බවට පොලිසියට ලැබුණූ පැමිණිලි මත කහටගස්දිගිලය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රදිප් මංජුල උඩුමලගල මහතාගේ උපදෙස් මත මෙම වැටලම සිදු කෙරිණි.
මෙම මෙහෙයුමේදී බීමතින් යතුරුපැදි ධාවනය කළ පුද්ගලයන් සිව් දෙනෙකුද ත්‍රී රෝද රථ රියදුරන් දෙදෙනෙකු ද මෙසේ අත්අඩංගුවට පත්විය.
අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරොව්පොතාන මොරකැව ප්‍රදේශයේ පදිංචිකරුවෝ පිරිසකි.
අත්අඩංගුවට ගනු ලැබු රියදුරන් හය දෙනා පොලිස් ඇප මත මුදා හරන ලද අතර ඔවුන් මේ මස 24 වැනි දා යළි අධිකරණයට ඉදරිපත් කිරිමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් ත්‍රිවිල් සහ යතුරු පැදි විතරයි අල්ලන්නෙ පොලිසියෙන්
කොහොමත් බීගෙන එලවනවට නම් දඬුවම් දුන්නට දොස් කියන්න බැහැ. ඒත් නීතිය සියලු දෙනාට එක වෙන්න ඕනේ. ඕන තරම් අනිත් රියදුරුලවත් අල්ලලා තියනවනේ පොලිසියට දොස්ම කියන්න හොඳ නැහැ.