හෙරොයින් ජාවාරමක් සම්බන්ධ නඩුවකට දැනට වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින සැකකරුවකුට ලබාදීමට හෙරොයින් ග්‍රෑම් 50 මිලි ග්‍රෑම් 200ක් රැගෙන ගිය කාන්තාවක අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත දිසා දූෂණ මර්දන ඒකකය පවසයි.
රිමාන්ඩ් භාරයේ සිටින සැකකරු අධිකරණයට රැගෙන එන අවස්ථාවක ඔහුට හෙරොයින් ලබාදීම සඳහා ග්‍රෑන්ඩ්පාස්, ස්ටේස් පාරේ පදිංචි අදාළ කාන්තාව පැමිණෙන බවට ලද තොරතුරක් මත කළ වැටලීමක දී ඇය අත්අඩංගුවට ගනු ලැබු බවත් ඇගේ මුදල් පසුම්බිය පරීක්ෂා කිරීමේදී හෙරොයින් කුඩු සොයාගත් බවත් වැල්ලවත්ත දිසා දූෂණ මර්දන ඒකකය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd