(ප්‍රසන්න පත්මසිරි)
ජනාධිපතිවරණය සම්බන්දව බදුල්ල දිස්ත්‍රික්කයෙන් මැතිවරණ නීති උල්ලංඝණය කිරිම් පැමිණිලි 118 ඔක්තෝබර් 01 වැනිදා සිට මෙම මස 13 වැනිදා දක්වා අතර කාලය තුළ ලැබී ඇති බව දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර තේරිම්භාර නිළධාරී ගජේන්ද්‍ර කුමාර මහතා පැවසීය.
මැතිවරණ නීති උල්ලංඝණය කිරිම් 118න්, ප්‍රචණ්ඩ ක්‍රියා 5 ක් සම්බන්ධව ලැබුණු පැමිණිලි වලින් එක් සිද්ධියක් හැර අනෙකුත් පැමිණිලි සත්‍ය නොවන බව සොයාගෙන ඇති බවද මැතිවරණ පැමිණිලිකළමනාකරණ මධ්‍යස්ථානය පෙන්වා දෙයි.
මැතිවරණ පැමිණිලි වැඩි වශයෙන් බදුල්ල පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා වී තිබේන බව කියයි.
මැතිවරණ කාර්යාලයට ලැබී ඇති පැමිණිලි වල පෝස්ටර් හා කටවුට් ඉරා දැමීම,අත් පත්‍රිකා බෙදීම හා සැරසිලි සම්බන්ධව පැමිණිලි ලැබී ඇති බවද මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බදුල්ලෙන් මැතිවරණ පැමිණිලි 118 ක්