IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බදුල්ලේ සමෘද්ධි සංවර්ධන නිලධරයෝ උද්ඝෝෂණයක


 
 
(ප්‍රසාද් රුක්මල්)
 
බදුල්ල දිස්ත්‍රික්කයේ සමෘද්ධි සංවර්ධන නිලධාරීහු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් බදුල්ල නගරයේ දී අද (23) දහවල් උද්ඝෝෂණයක නිරත වූහ.


සමෘද්ධි නිලධාරීන් සඳහා විධිමත් පත්වීම් ලිපි ලබා නොදීම, සමෘද්ධි නිලධාරීනීගේ විශ්‍රාමික වැටුප් හිමිකම තහවුරු නොකිරීම, කාර්යාල දීමනා හා අනත්දරු දීමනා ආදියෙහි පැවති ගැටලු කිහිපයකට විසඳුම් ලබාදෙන ලෙසට ඉල්ලමින් මොවුන් විවිධ සටන් පාඨ සහිත පුවරු අතැතිව උද්ඝෝෂණය කළහ.


සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරි සංගමය, සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමය, සමෘද්ධි බැංකු මහා සංගම් කාර්යාල නිලධාරී සංගමය සහ ශ්‍රී ලංකා නිදහස් සමෘද්ධි පොදු කම්කරු සංගමය මෙම විරෝධතාවයට එක්ව සිටියහ.


බදුල්ල ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක් අසළ විරෝධතාව ආරම්භ කර පාගමනකින් බදුල්ල නගරය හරහා ඌව පළාත් සභාව ඉදිරිපිටට පැමිණි පිරිස අනතුරුව මාර්ගය අවහිර වන පරිදි උද්ඝෝෂණයේ නිරත වූහ. පොලිස් ආරක්ෂාව ද තර කර තිබිණි.

 



අදහස් (0)

බදුල්ලේ සමෘද්ධි සංවර්ධන නිලධරයෝ උද්ඝෝෂණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site