(විජේරත්න රත්නායක )
ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් බදුල්ල ප්‍රදේශයේ වතු 7 ක කාර්යාල කාර්ය මණ්ඩලය හා ක්ෂේත්‍ර නිළධාරීන් අද (24) සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
එම වතුවල ළමා පාලිකාවන්ට ඉරිදා අතීකාල දීමනා ලබාගැනීම, කොන්ත්‍රාත් පදනමින් සේවය කරන නිළධාරීන් හා සේවකයින් ස්ථිර කිරීම, කාර්යාල සේවය පැය 8 කට සීමා කිරීම, උසස්වීම් නිසිකලට ලබාදෙන ලෙස ඉල්ලීම, යෝජිත නව දිරි දීමනා පත්‍රය වහා අස්කර ගන්නා ලෙස බලකිරීම, පදිංචියට සුදුසු පරිදි නිල නිවාස අළුත්වැඩියා කරදෙන ලෙස බලකිරීම යන කරුණු සම්බන්ධයෙන් මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇත.
ලංකා වතුසේවා සංගමයේ මෙහෙයවීමෙන් මඩොල්සීම වැවිලි සමාගමට අයත් මහදෝව, වැරැල්ලපතන, ඌවකැලේ, ගල්ලුල්ල, බටවත්ත, කොකාගල, රෝබේරිය යන වතුවල කාර්යාල කාර්ය මණ්ඩලය හා ක්ෂේත්‍ර නිළධාරීන් 50 කට ආසන්න පිරිසක් මෙම වර්ජනයට එක්ව සිටින අතර වර්ජනය හේතුවෙන් එම වතු සියල්ලේ දෛනික කටයුතු අඩාලව තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බදුල්ලේ වතු 7 ක නිළධාරීන් වැඩවර්ජනයක