( නිශාන්ත කුමාර )
බදුල්ල දිස්ත්‍රික්කයේ පිහිටි රජයේ රක්ෂිත 4 කට අද (30) උදෑසන 6.00න් අවසන් වූ පැය 24 ක කාලය තුළ ගිනි තබා ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ඊ එම් එල් උදය කුමාර මහතා පැවසීය.
පස්සර හා ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මායිමේ පිහිටි ලුණුගල කඳු වැටිය, එළදළුව හමුදා කදවුර ආසන්නයේ පිහිටි රක්ෂිතය, බදුල්ල ග්‍රීන්වුඩ් බෝගහමඩිත්ත රක්ෂිතය, දියතලාව වයි රක්ෂිතය හා බදුල්ල උඩුවර ප්‍රදේශයේ රක්ෂීතයක් ඇතුලු රක්ෂිත හතකට මෙලෙස ගිනි තබා ඇතැයි උදය කුමාර මහතා පැවැසීය.
කෙසේ වෙතත් ගුවන් හමුදාව යුද හමුදාව, පොලීසිය හා වනසංරක සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු එක්ව මෙම ප්‍රදේශයන්හි ගින්න පාලනය කිරීමට පියවර ගත් බවද සහකාර අධ්‍යක්ෂවරයා පැවසීය.
මෙම ගිනි තැබීම් හේතුවෙන් ගිනිගෙන විනාශ වූ භූමි ප්‍රමාණය මෙතෙක් ගණනය කර නොමැති බවද සහකාර අධ්‍යක්ෂවරයා පැවසීය.
ගිනිගෙන දැවුණු බොහෝ ප්‍රදේශ රජයේ රක්ෂිත වන අතර ඒවායේ තිබූ වටිනා ගහකොළ රැසක් ගින්නෙන් විනාශයට පත්ව ඇතැයිද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. මේ වනjsට සිදුවෙන මෙම ගිනි තැබීම් පාලනය කිරීම සඳහා ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ලබන බදාදා (03) දිනය තුළ විශේෂ සාකච්ඡාවක් කැඳවීමට පියවර ගෙන ඇතැයිද සහකාර අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
බදුල්ලේ රක්ෂිත 4 ක ගිනි ගැනීම්