IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


බුද්ධගයාන් මහමෙව්නාවෙන් දරුවන්ට ඇඳුම්

දඹදිව බුද්ධගයා පින්බිමෙහි පිහිටි මහමෙව්නාව බුද්ධගයාන් අසපුවේ දහම් පාසලේ අඩු ආදායම් ලාභී ඉන්දියා  දරුවන්ට සුදු ඇඳුම් ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කැරිණි.

මහමෙව්නාව දහම් පාසලෙහි බුද්ධගයා පින්බිම අවට ජීවත්වන ඉන්දියා පවුල්වල දරුවන් 2000 කට වැඩි ප්‍රමාණයක් අධ්‍යාපනය ලබති. දරුවෙකුට ලබාදෙන එක ඇඳුම් කට්ටලයක් සඳහා ඉන්දියා  රුපියල් 500 ක් ( ලංකා මුදලින් රුපියල් 1000 ක් ) වැයවන අතර මෙම පිංකම සඳහා සහභාගීවීමට කැමති  අය වෙත්නම් මහමෙව්නාව බුද්ධගයාන් අසපුවෙන් අවශ්‍ය තොරතුරු ලබාගත හැකි බව කියති. 

[email protected] විද්‍යුත් ලිපිනය ඔස්සේ වැඩිවිස්තර ලබාගත හැකිය.

හින්දි භාෂාවෙන් පිරිත් සජ්ජායනා කිරීමට, පන්සිල් සහ වන්දනා ගාථා සියල්ලක්ම කට පාඩමින් කීමට මෙන්ම බුදු බැතිගී ගායනා කිරීමටත් හැකියාවක් ඇති මේ දරුවෝ බෞද්ධ පොත්පත් නිරන්තරයෙන් කියවති.

අසපුවේ සියලු වැඩකටයුතු සඳහා මේ දරුවෝ සියල්ලම ඉමහත් උනන්දුවකින් සිය ශ්‍රමය පුජාකරති. අසපුවේ වැඩකටයුතු සඳහා අනුපමේය සේවයක් සිදුකළ පසුගිය වසරේදී අපවත්වූ කුසලචිත්ත හිමියන්ගේ කරුණාව යහගුණය සහ මඟ පෙන්වීම ද මේ දරුවෝ නිරන්තරයෙන් සිහිපත් කරති.

මහමෙව්නාව භාවනා අසපු නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් බුද්ධගයාන් අසපුව ආරම්භකළ අවධියේදී එහි ඉදිකෙරුණු කුඩා විහාර මන්දිරය අබියස මිදුලේ තිබු අඹ ගස් දෙක දැන් ඵල දරන සුවිසල් වෘක්ෂ බවට වැඩි ඇත. දහම් පාසලේ දරුවෝ මේ රුක් සෙවනේ හිඳ සතුටින් අකුරු කරති.

බුද්ධගයාන් මහමෙව්නාව අසපුව මඟින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස බුදුන් වහන්සේ වෙත ක්ෂීරපායාස පුජා කිරීම්, භාවනා යෝගීව ඉන්න්නා මහා සංඝ රත්නය වෙත දන් පැන් පිළිගැන්වීම්, දහම් පාසලේ දරුවන් හට ආහාර සහ පොත පත පිළිගැන්වීම්, හින්දි භාෂාවෙන් සුත්‍ර දේශනා සජ්ජායනය කිරීම් ආදී පුණ්‍ය ක්‍රියාවන් නිරතුරුව සිදු කෙරෙයි.

ආචාර්ය රොහාන් කරුණාරත්න හා පුෂ්පරාණි මහත්මියගේ දායකත්වයෙන් පිංකම සංවිධානය කර ඇත.

1 2 3 8 9 11



අදහස් (0)

බුද්ධගයාන් මහමෙව්නාවෙන් දරුවන්ට ඇඳුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 659 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2330 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site