බුදුන් වහන්සේගේ සත් සතිය ගත කරන සමයේ පට්ඨාන ධර්මය සිහිපත් කරමින් බුදු සිරුරින් රැස් විහිදීමේ අසිරිමත් මොහොත සිහිගන්වමින් උපහාර පූජාවක් ලෙස 54 වැනි වරටත් මැයි 29, 30 හා 31 දිනවල අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධිය අභියසදී පට්ඨාන ධර්ම සජ්ඣායනා පූජෝත්සවයක් පැවැත්වීමට නියමිතය.
මැයි 29 වැනිදා ඉසුරුමුණිය පාරේ සිරිඟබෝ භාවනා මධ්‍යස්ථානයේ සිට සුදු වතින් සැරසුණු සැදැහැවතුන්ගෙන් සමන්විත පෙරහරකින් සධාතුක කරඬුව හා පට්ඨාන රිදී පොත් වහන්සේ වැඩම කරවා ජය ශ්‍රී මහා බෝධිය අභියස සත් සතියේ 4 වැනි සතිය සිහිගන්වමින් රතනඝරයෙහිවූ සෙල් පිළිම වහන්සේ ඉදිරියේ පූජාසනයේ තැන්පත් කිරීමේ පිංකම සිදුවේ.
මැයි 29,30 හා 31 දක්වා සවස 6 සිට රාත්‍රී 10 දක්වා 50 නමකට අධික මහා සංඝරත්නය පට්ඨාන ධර්ම සජඣායනය කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd