(සමන් පාලිත නානායක්කාර)
බණ්ඩාරවෙල ලංගම ඩිපෝවේ කොන්දොස්තරවරයෙකුට පහර දීමේ සිද්ධියක් හේතුවෙන් අද (9)බණ්ඩාරවෙල ඩිපෝවේ ලංගම බස් රථ ධාවනයෙන් ඉවත්වීමට රියැදුරන් හා කොන්දොස්තරවරුන් තීරණය කර තිබේ.
දියතලාව බණ්ඩාරවෙල අතරදී ගමන් වාරයක් සම්බන්ධව ඇතිවූ බහින්බස්වීමක් දුරදිග ගොස් පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයකු මෙම තැනැත්තාට පෙරේදා (7) පහර දී ඇත.
පහරකෑමට ලක් වූ කොන්දොස්තරවරයා රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
පෞද්ගලික බස් රථයේ කොන්දොස්තරවරයා බණ්ඩාරවෙල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd