(රොමේෂ් මධුෂංඛ)
දිනෙන් දින ඉහළ යන ජීවන වියදම දරාගත නොහැකි අවස්ථාවක බඩුමිලද ඉහළ යාම උතුරේ නැවත පදිංචි ජනතාවට දරාගත නොහැකි බව පවසමින් වහාම බඩුමිල අඩු කරන ලෙසට රජයට විරෝධය පාමින් විරෝධතාවක් කිලිනොච්චියේදී පැවැත්විණි.
රජය විසින් බඩු මිල ඉහළ දමන අවස්ථාවක දෙමළ ජනතාව වෙනුවෙන් යැයි පෙනී සිටින ප්‍රධාන දේශපාලන පක්ෂයක් වූ දෙමළ ජාතික සන්ධානය නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම හේතුවෙන් දෙමළ ජනතාවගේ ගැටලු දිනෙන් දින වැඩිවන බවට මෙම විරෝධතාවය මගින් පෙන්වා දුන්හ.
සමාජ සාධාරණත්වය සඳහා වූ සංගමය විසින් මෙම විරෝධතාවය සංවිධානය කොට තිබූ අතර කිලිනොච්චිය නගරමධ්‍යයේ සිට ඩිපෝ මංසන්ධිය දක්වා මෙම විරෝධතාව පැවත්වුණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd