කිලිනොච්චිය , ඉරණමාතානගර් ප්‍රදේශයේ කළ සෝදිසි කිරිමකදී බිඩී කොළ කිලෝග්‍රෑම් 1113 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අද (11) නාවික හමුදා බාරයට ගෙන ඇත.
උතුරුමැද නාවික විධානය විසින් ඉරණමාතානගර් ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමක් අතරතුරදී ඩිංගි යාත්‍රා මගින් ගොඩබිමට රැගෙන ඒමට උත්සහ කළ පාර්සල් 30 ක අසුරා තිබු මෙම බිඩී කොළ තොගය නාවික හමුදා බාරයට ගෙන ඇත.
පුද්ගලයින් දෙදෙනෙකු,ඩිංගි යාත්‍රා දෙකක් සහ පිටත දහන යන්ත්‍ර දෙකක්ද නාවික හමුදා බාරයට ගෙන ඇත.
මෙලෙස නාවික හමුදා බාරයට ගන්නා ලද පුද්ගලයින් පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයින්, ඩිංගියාත්‍රා, පිටත දහන යන්ත්‍ර සහ බිඩී කොළ තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා යාපනය,රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිතය.


2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බීඩී කොළ සමඟ පුද්ගලයින් දෙදෙනකු නාවික හමුදා බාරයට