ගස් බෙනයකින් ඇද වැටුණු බකමූණු පැටවකු බටපොළ සාදමුල්ලෙන් හමුවූ බව හික්කඩුව වනජීවී කාර්යාල නිලධාරීහු පවසති.

දිරාගිය පොල්ගසක බෙනයක ජීවත් වූ මෙම බකමූණු පැටවා බිමට වැටී සිටියදී ප්‍රදේශවාසීන් ඒ බව වනජීවී කාර්යාලයට දැනුම් දී ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ අඩවි සහකාර කේ.ඒ.දයානන්ද මහතාගේ උපදෙස් මත වනජීවී නිලධාරීන් එහි ගොස් බකමූණු පැටවා පරීක්ෂා කර පැටවාගේ ආරක්ෂාව සලසා දී ඇත.

IMG_7495