බංගලිදේශ මහ බැංකුව සතු ඇමෙරිකා ඩොලර් මිලියන සියයක මුදල් පරිගණක හැකරුන් විසින් සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයින් අට දෙනෙකු ඇතුළු විසි දෙනෙකු හඳුනාගෙන ඇති බව බංගලිදේශ පොලීසිය තහවුරු කර ගෙන ඇතැයි රොයිටර් පුවත් සේවය අද (19) වාර්තා කරයි.
සොරකමට හවුල් ලාංකිකයින් හා පිලිපීන ජාතිකයින්ගේ තොරතුරු හෙළිදරව් කර නොමැති අතර එම සැකකරුවන් සයිබර් හැකර්වරුන් නොවන බවට ද බංගලාදේශ විමර්ශන කණ්ඩායම් අනාවරණය කර ගෙන ඇත.
බංගලිදේශ මහ බැංකුවේ පරිගණක පද්ධතියට රහසිගතව ඇතුළු වී අමෙරිකා ඩොලර් බිලියනකට අධික මුදලක් වෙනත් ගිණුම්වලට යොමුකිරීමේ සිද්ධියක් පසුගිය පෙබරවාරි 05 වැනි දා වාර්තා විය. නිව්යෝර්ක් හි ෆෙඩරල් සංචිත ගිණුමෙන් මෙම මුදල් සොරාගෙන ඇති අතර අදාළ මුදල් පිලිපීනයේ සහ ශ්‍රී ලංකාවේ බැංකු ගිණුම් කිහිපයකට යොමුකර ඇති බවට වාර්තා වෙයි.
2025 නොවැම්බර් මස 04
600
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2304
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1712
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බංගලි මහ බැංකු මුදල් කොල්ලයේ හැකරුවන් අල්ලයි