(ක.ග.කරුණාරත්න)
මේ දිනවල රජරටට බලපා ඇති නියඟය හේතුවෙන් පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ පුද්ගලයෝ 25,000 ක් පමණ පීඩාවට පත්ව ඇතැයි දිස්ත‍්‍රික් ආපදා කළමණාකරන ඒකකය කියයි.
ඊට රජයේ පාසැල් 12 ක ඉගෙනුම ලබන සිසු දරු දැරියෝ 2,878 දෙනෙක් ද අයත් වෙති.
වැලිකන්ද, දිඹුලාගල, හිඟුරක්ගොඩ, මැදිරිගිරිය සහ ලංකාපුර යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම පානීය ජල හිඟය බලපා තිබේ.
එයින් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ වැලිකන්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේය. එහි ග‍්‍රාම නිලධාරී වසම් 11ක ප්‍රදේශවාසීහු 13,507ක් වෙසෙති. ඊට අමතරව වැලිකන්දේ පාසැල් 07 ක ඉගෙනුම ලබන ළමුන් 1148 ක්ද ජල හිඟයට මුහුණ දී ඇතැයි දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ උපුල් නානායක්කාර මහතා ප‍්‍රකාශ කළේය.
දිඹුලාගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග‍්‍රාම නිලධාරී වසම් 11ක පීඩාවට පත් පවුල් ගණන 1522 ක් වන අතර එහි සාමාජික සංඛ්‍යාව 4518 කි. ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේද එක් ග‍්‍රාම නිලධාරී වසමක පවුල් 165කට අයත් පුද්ගලයෝ 650ක්ද ජල හිඟයෙන් පීඩා විඳිති.
හිඟුරක්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොටසේ එක් ග‍්‍රාම නිලධාරී වසමක පවුල් 350කට අයත් 1200 ක පුද්ගල සංඛ්‍යාවක් ජල හිඟයෙන් පීඩා විඳින බවද දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කරයි. මැදිරිගිරිය ප‍්‍රාදේශීය ලේකම් කොටසේ ග‍්‍රාම නිලධාරී වසම් 03ක වෙසෙන පවුල් 460කට අයත් පුද්ගලයෝ 1844 දෙනෙක් ජල හිඟයට මුහුණදී සිටිති.
පොළොන්නරුව දිස්ත‍්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතාගේ උපදෙස් පරිදි පානීය ජල හිඟය බලපා තිබෙන ගම්මානවල ජනතාවට බීමට අවශ්‍ය ජලය බවුසර් මගින් සපයාදීමට අදාළ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් පියවර ගෙන තිබෙන බව උපුල් නානායක්කාර මහතා කීය.
ඒ සඳහා ජල බවුසර් 13 යොදවා තිබෙන බවත් දිනකට ජල ලීටර් 19850 ක් බෙදා හරින බවත් ඒ මහතා කීය. ජල හිඟය පවතින ගම්මානවල ස්ථාපිත කර ඇති ජල ටැංකි ගණන 201 කි. ඒ සඳහා අදාළ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ලබාදී තිබෙන මූල්‍ය ප‍්‍රතිපාදන ප‍්‍රමාණය රුපියල් 834,974 ක් බවද උපුල් නානායක්කාර මහතා සඳහන් කළේය.




2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොළොන්නරුවේ ජනතාව පානීය ජල අර්බුදයක