IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


පොළොන්නරුවේ ගම්මාන 8කට ජාතික නිවාස අධිකාරියෙන් නිවාස

(ඩබ්. ඒ. පියතිලක)
 
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් රුපියල් ලක්ෂ 1370ක මුදලක් වැයකරමින් ඉදිකරන ලද, පොළොන්නරුවේ  නව ගම්මාන 8ක  නිවාස 273ක්  ජනතා අයිතියට පත් කිරීම අද(06) සිදුකෙරිණි.
 
නිවාස සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ කොට්ඨාස සංවර්ධන නිලධාරි  හේමන්ත තෙන්නකොන්  සහ පොළොන්නරු දිස්ත්‍රික් කළමනාකරු  පද්මසිරි රණසිංහ  යන නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි.
 
පොළොන්නරුවේ මැදිරිගිරිය, ලංකාපුර, හිඟුරක්ගොඩ, දිඹුලාගල, සහ වැලිකන්ද  නගරවල නිවාස අහිමිව සිටි පවුල් 273කට,  ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ණය ආධාර ලබාදී  ඔවුන්ගේ අධීක්ෂණය යටතේ මෙම නිවාස  නිම කරන ලදී. 
 
එම ගම්මාන අතර මුල්ම ගම්මානය  හිඟුරක්ගොඩ ශ්‍රී බුද්ධසෝම නාහිමි ගම්මානය ජනතා අයිතියට පත් කළ අවස්ථාව  සඳහා  හිගුරක්ගොඩ බෞද්ධ මධ්‍යස්ථානාධිපති  සිරිකෙත ශ්‍රී සීවලී නාහිමි, අධිකාරියේ කොට්ඨාස සංවර්ධන නිලධාරී  හේමන්ත තෙන්නකොන් මහතා සහ පොළොන්නරු දිස්ත්‍රික් කළමනාකරු  පද්මසිරි රණසිංහ මහතා ඇතුළු  ගම්වාසීහු පිරිසක් එක්ව සිටියහ.



අදහස් (0)

පොළොන්නරුවේ ගම්මාන 8කට ජාතික නිවාස අධිකාරියෙන් නිවාස

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32117 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14588 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 48 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 314 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1257 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site