IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


පළාත් සභා මන්ත්‍රී ඉමිතියාස් කාදර් අභාවප්‍රාප්ත වෙයි

(අජිත්ලාල් ශාන්තඋදය)

කෑගල්ල  දිස්ත‍්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන  සබරගමුව පළාත් සභාවට තේරීපත්ව මන්ත‍්‍රීවරයෙක් සහ සභානායක ලෙස කටයුතු කළ ඉමිටියාස් කාදර් මහතා හදිසියේ අභාවප‍්‍රාප්ත විය.
 
මියයන විට හතළිස් හයවන වියේ පසුවූ ඉමිටියාස් කාදර් මහතා දෙදරු පියෙකි. කෑගල්ල ශාන්ත මරියා විදුහලෙන් අධ්‍යාපනය ලැබු ඔහු  2006දී කෑගල්ල නගර සභාවේ සභාපතිවරයා ලෙස තේරීපත් විය. 
 
පසුව 2008 සහ 2012  වර්ෂවල පළාත් සභා මැතිවරණ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන්  තරග කර මන්ත‍්‍රීවරයෙක් ලෙස සබරගමු පළාත් සභාවට තේරී පත්ව පසුව එහි සභානායකවරයා ලෙස කටයුතු කළේය.
 
ශ‍්‍රී ලංකා  නිදහස් පක්‍ෂයේ මාවනැල්ල ආසනයේ සම සංවිධායකවරයා ලෙස ද ඉමිටියාස් කාදර් මහතා කටයුතු කළේය.
 මහජන ගෞරවය සදහා දේහය මේවනවිට කෑගල්ල මීපිටිය ඇනස්ලි පීරිස් මාවතේ නිවසේ තැන්පත් කර ඇත.

 අවසන් කටයුතු දෙසැම්බර් 01 වන ඉරිදා පස්වරු 02.00ට කෑගල්ල නගර සභා සුසාන භූමියේ දී සිදු කෙරේ.



අදහස් (0)

පළාත් සභා මන්ත්‍රී ඉමිතියාස් කාදර් අභාවප්‍රාප්ත වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32015 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14468 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11230 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 26 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 286 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site