බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත් ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 100ක් පමණ තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු සහ උතුරු මැද පළාත්වලද වැසි ස්වල්පයක් ඇති විය හැකියි.ඌව සහ නැගෙනහිර පළාත්වලට සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි වේ.
පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රීකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල (විශේෂයෙන් මන්නාරම් බොක්ක ප්‍රදේශයේ) සහ මඩකලපුව සිට පොතුවිල් හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටක පැ.කි.මී. 60 දක්වා වැඩි වීමට ඉඩ පවතින බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd