(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරගහහේන ගෝනපොළ නාගහගොඩවත්ත පාර අසළ පාළු ඉඩමක කල් ඉකුත් වූ ඖෂධ තොගයක් දමා ගිය සමාගමට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගැනීම සඳහා කටයුතු කළ බව හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ටී.ජී. ප්‍රසන්න කුමාර මහතා පැවසීය.
දමා ගොස් තිබූ එම ඖෂධ තොගය ඔවුන් ලවාම ඉවත්කිරීමටත් කළුතර දිස්ත්‍රික් ආහාර ඖෂධ පාලක නුවන් පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ ඒවා කොළඹට රැගෙන ගොස් මුද්‍රා තැබීමට අවශ්‍ය පියවර ගත් බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මීට දින කිහිපයකට පෙර ගෝනපොල නාගහගොඩවත්ත ප්‍රදේශයට ගෙනැවිත් දමා තිබූ කල් ඉකුත් වූ ඖෂධ තොගයක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීහු මොරගහහේන පොලිසියට සහ හොරණ සෞඛ්‍ය නිලධාරී කාර්යාලයට පැමිණිලි කළහ.
ඒ අනුව කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය උදය රත්නායක මහතාගේ උපදෙස් මත, එම ස්ථානයට පැමිණි හොරණ සෞඛ්‍ය සේවා නිලධාරී කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී දීපානි එදිරිසිංහ, පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ටී.ජී. ප්‍රසන්න හා මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.ඩී.සී.පී. විදර්ශන, මොරගහහේන පොලිසියේ ස්ථානාධිපති යන මහත්ම මහත්මීහු අදාළ සංගමයේ නිලධාරීන් එම ස්ථානයට ගෙන්වා අවවාද කළහ.
කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක් මගින් ගෙන්වන ලද මෙම කල්ඉකුත් වූ ඖෂධ මෙම ස්ථානයට බැහැර කිරීම සම්බන්ධයෙන් එහි කළමනාකාරවරයාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගෙන ජුනි 27 වැනි දින හොරණ මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දී බැඳුම්කරයක් මත මුදාහැරිය බව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය.
ඊට අමතරව එම ඖෂධ තොගය ඉඩමෙන් ඉවත්කිරීමටද ඔහු නියෝග කළේය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
පාළු ඉඩමකට ඖෂධ මුදාහළ සමාගමට එරෙහිව නඩු
Nuwan Tuesday, 25 June 2019 01:37 PM
සත්තු වගේ මිනිස්සු!!