(අනීෂා මානගේ)
තංගල්ල නගරසභාවේ උප සභාපති මොහොමඩ් ෂිරාස් (එජාප) මහතා ඇතුළු පුද්ගලයන් තිදෙනකු පහරදුන් බව කියමින් තරුණයකු තංගල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ තංගල්ල මුස්ලිම් වීදියේ පදිංචි ශ්‍යාමිල් අමිත් නම් පොදුජන පෙරමුණ ආධාරකරුවකු බව පොලිසිය කියයි.
උප සභාපතිවරයා,ඔහුගේ සොහොයුරෙකු සහ තවත් පුද්ගලයකු තංගල්ල මූලික රෝහල අසලදී ඊයේ (29) රාත්‍රි 7.30ට පමණ තමාට පහර දී තර්ජනය කළ බවට රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයා පොලිසියට පැමිණිලි කර ඇත.
පැමිණිල්ල ඉදිරිපත් කළ තරුණයා අද තංගල්ල මූලික රෝහලට ඇතුලත් වී ඇත.
චෝදනා ලැබ සිටින තංගල්ල මුස්ලිම් වීදියේ පදිංචි උප සභාපතිවරයා මේ වන විට ප්‍රදේශය හැර ගොස් ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂය මොකක් වුවත් දේශපාලුවෙක් නේද? පැත්තකට කරන එක තමා හොඳම දේ. මේ අය සමාජ ශිෂ්ට පිළිලයක් මිස කිසිම දිනක සමාජ මෙහෙවරක් කරන අය නොවේ.