(අනීෂා මානගේ)
තංගල්ල නගරසභාවේ උප සභාපති මොහොමඩ් ෂිරාස් (එජාප) මහතා ඇතුළු පුද්ගලයන් තිදෙනකු පහරදුන් බව කියමින් තරුණයකු තංගල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ තංගල්ල මුස්ලිම් වීදියේ පදිංචි ශ්‍යාමිල් අමිත් නම් පොදුජන පෙරමුණ ආධාරකරුවකු බව පොලිසිය කියයි.
උප සභාපතිවරයා,ඔහුගේ සොහොයුරෙකු සහ තවත් පුද්ගලයකු තංගල්ල මූලික රෝහල අසලදී ඊයේ (29) රාත්‍රි 7.30ට පමණ තමාට පහර දී තර්ජනය කළ බවට රෝහල්ගතව ප්‍රතිකාර ලබන පුද්ගලයා පොලිසියට පැමිණිලි කර ඇත.
පැමිණිල්ල ඉදිරිපත් කළ තරුණයා අද තංගල්ල මූලික රෝහලට ඇතුලත් වී ඇත.
චෝදනා ලැබ සිටින තංගල්ල මුස්ලිම් වීදියේ පදිංචි උප සභාපතිවරයා මේ වන විට ප්‍රදේශය හැර ගොස් ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

2025 දෙසැම්බර් මස 04
801
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
465
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පහරදීමකින් තරුණයකු තුවාල ලබයි
රවින් Saturday, 30 November 2019 12:22 PM
පක්ෂය මොකක් වුවත් දේශපාලුවෙක් නේද? පැත්තකට කරන එක තමා හොඳම දේ. මේ අය සමාජ ශිෂ්ට පිළිලයක් මිස කිසිම දිනක සමාජ මෙහෙවරක් කරන අය නොවේ.