(දයාරත්න ඇඹෝගම)
හොරොව්පොතාන ප්‍රාදේශිය සභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රිවරයෙකුගේ මවට හා සොයුරියට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම ප්‍රාදේශිය සභාවේම එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි.
මෙසේ සැකපිට අත් අඩංගුවට ගෙන ඇත්තේ හොරොව්පොතාන ප්‍රාදේශිය සභාවේ එජාප මන්ත්‍රිවරයෙකි.
මෙම පහර කෑමෙන් රෝහල් ගත කොකර ඇත්තේ හොරොව්පොතාන මරදන්කඩවල පදිංචි එම්.ආරියලතා (49) සහ උදයාංගනි කුමාරි මඩපාත (27)නැමති කාන්තාවන් දෙදෙනෙකි.
මෙම මන්ත්‍රිවරු දෙදෙනාම පදිංචිව ඇත්තේ හොරොව්පොතාන මරදන්කඩවල ප්‍රදේශයේම බව පොලිසිය කියයි. පසුගිය පළාත් පාළන මැතිවරණයේදි දෙදෙනාම මරදන්කඩවල කොට්ඨාසයට තරඟ වැදි අතර ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් එම කොට්ඨාශයට තරඟ කළ අපේක්ෂකයා ජයගෙන ඇති අතර එම කොට්ඨාසයට එජාපයෙන් තරඟ කළ අනික් අපේක්ෂකයා පරාජය වී තිබේ.
ජයග්‍රහණය කළ අපේක්ෂකයා සිය මන්ත්‍රිධුරය හිමිවිම නිමිත්තෙන් ඔහුගේ නිවසේ පැවැති සාදයෙන් අනතුරුව ඔහුගේ නිවසට පැමිණි පරාජය වු අපේක්ෂකයා මවට හා සොහොයුරියට පහර දී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd