IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


පිහිඇනුමකින් දැරියක රෝහලේ

(වියලුව නිශාන්ත කුමාර)

ගිරාඳුරුකෝට්ට රත්කිඳ ධීවර ගම්මානයේ 12 හැවිරිදි පාසල් දැරියකගේ සිරුරේ 6 පොලකට වයස අවුරුදු 14ක පාසැල් දරුවෙකු විසින් අද (18) පස්වරුවේ පිහියකින් ඇනීම හේතුවෙන් බරපතළ තුවාල ලැබූ දැරිය මහියංගන මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි ගිරාඳුරුකෝට්ටේ පොලිසිය පවසයි.

සිද්ධියෙන් රෝහල්  ගතකර ඇත්තේ ගිරාඳුරුකෝට්ට රත්කිඳ ධීවර ගම්මානයේ පදිංචි පාසල් ශිෂ්‍යාවකි.

සැකකාර දරුවා  ගිරාඳුරුකෝට්ට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

පිහිපහර කෑමට ලක්වූ දැරිය මෙන්ම පිහියෙන් අනින ලද දරුවාද එකම පවුලක  සාමාජිකයින් වන අතර දැරිය නිවසේ හුදකලාව සිටියදී පිහියක් රැගෙන පැමිණි මෙම සිසුවා ඇයගේ මුහුණ වසා පිහි පහර එල්ල කළ බවට දැරිය පොලීසියට පවසා ඇත.

පිහියෙන් ඇනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කලකට පෙර මෙම දරුවා විසින් තුවාල ලැබූ දැරියගෙන් ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යෑමට කැමැත්ත ඉල්ලා ඇතත් දැරිය ඒ ගැන ප්‍රකාශ නොකළ බවද දැරිය විසින් පොලීසියට පවසා ඇත.

ගිරාඳුරුකෝට්ටේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනක විතානච්චි මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.



අදහස් (0)

පිහිඇනුමකින් දැරියක රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 870 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2506 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site