IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පාසලට බබලන තරු පායයි

පාසල් දරුවන් සඳහා ‘බ්‍රයිට් ස්ටාර්’නමින් ප්‍රශ්න විචාරාත්මක රියැලිටි තරගාවලියක් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය,ජාතික රූපවාහිනිය හා යුනිලීවර් ශ්‍රී ලංකා සමාගමත් සැරැසේ.

වයස අවුරුදු 11ත් 15ත් අතර සිසුන්ට මේ සඳහා අයදුම් කළ හැකි අතර ලිඛිත පරීක්ෂණ මගින් තෝරා ගන්නා  60 දෙනකු ‘බ්‍රයිට් ස්ටාර්’ රියැලිටි තරගාවලියට සහභාගී කරවා ගැනීමට නියමිතය.

ජාතික රූපවාහිනීය ඔස්සේ විකාශය කෙරෙන මෙම වැඩසටහන මගින් දරුවන්ගේ වාචික,භාෂාමය,සංගීත,තාර්කික,ගණිත, ආදී නව බුද්ධිය පරීක්ෂා කිරීමට නියමිත බව අධ්‍යාපන  අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මොහාන් ලාල් ග්‍රේරු මහතා එම අමාත්‍යංශයේදී  පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

අවසන් මහා තරගයෙන් ජයගන්නා දරුවාට හෝ දැරියට රුපියල් රුපියල් ලක්ෂ හතක් හා ඔහුගේ හෝ ඇයගේ පාසලටරුපියල් ලක්ෂ තුනක්ද දෙවැනි ස්ථානය සහා  රුපියල් ලක්ෂ හතරක්  හා පාසලට රුපියල් ලක්ෂ තුනක් ද පිරි නමන බව ග්‍රේරු මහතා කීවේය.

 

 



අදහස් (0)

පාසලට බබලන තරු පායයි

කසුන් Friday, 30 May 2014 06:38 PM

ඇත්තටම අධ්‍යාපනයේ නව මානයන් නිවැරදිව ගෙන එන්නට ග්‍රේරු වැනි අධ්‍යාපනය ගැන අවබෝධයක් ඇත්තෙක් සිටීම ගැන සතුටුයි.මෙම වැඩසටහන අනෙකුත් ළමා රියැලටි වැඩසටහන් අතර වටිනාම එක වනු ඇතැයි විශ්වාස කරනවා.ඔබ ගත් උත්සාහයට සුබ පතමි. (අ)

:       0       0

දයා අළහකෝන් Saturday, 31 May 2014 08:30 PM

මෙන්න මහත්මා ගති ඇති මිනිසුන්.... (නි)

:       0       0

සෑම් Saturday, 31 May 2014 03:55 AM

මේ වයසේ කුඩා දරුවන් සහභාගී කරගෙන කරන තරඟ වලදී ජයග්‍රාහකයාට සහ දෙවැනියාට සියලුම තෑගී ප්‍රධානය කර අනිකුත් තරඟ කරුවන්ට කිසිම දෙයක් නොදීම ඔවුන් ගේ බලාපොරොත්තු කඩවී මානසිකව පහතට ඇද දැමීමක්. හැමෝටම දිනන්න බැහැ කියන එක වැඩිහිටි අපි දන්නවා. නමුත් මේකට සහභාගී වෙන්නේ නොමේරූ කුඩා දරුවන්. ඔවුන්ව දිරිමත් වෙන විදියට සියලුම දෙනාට සුළු හෝ ත්‍යාගයක්, සහතික පතක් දිය යුතුයි. එහෙම නැතුව දරුවන් 50,000 පමණ සහභාගී උනොත් 49998 ක් නිකන්ම ගෙදර යනවා. කුඩා දරුවන් මේ වගේ දේවලට සහභාගී වෙලා හිත නරක කරගන්නවාට වඩා නිකම් ඉන්න එක හොඳයි කියන සිතුවිල්ල ඇති නොවී සහභාගිත්වයත් අගය කළ යුතුයි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site