ඇල්පිටිය පෝද්දිවෙල නවෝද්‍යා පාසලේ පළමු ශ්‍රේණියේ ගුරුවරියක පාසලේ සේවයට වාර්තා නොකර එම පංතියේ දරුවන්ට සවස් කාලයේදී තමන් පවත්වන අමතර පංතියට පැමිණෙන්නැයි බල කරන බවට දෙමාපියෝ චෝදනා කරති.
“එම ගුරුවරිය අදත් පාසලට පැමිණ නැහැ.මමත් මේ පාසලට ඇවිල්ලා වැඩි දවසක් නැහැ පාසලේ පවතින ගුරු පුරප්පාඩු ගැන නිළධාරීන්ට ලිඛිතව දැනුම් දුන්නා“යැයි පාසලේ විදුහල්පති සුමිත් දමයන්ත මහතා පැවසීය.
මේ ගැන දෙමව්පියන්ගෙන් පැමිණිලි ලැබුණු බවත් මේ ගැන සොයා බලා පරීක්ෂණයක් කරන බවත් ඇල්පිටිය කලාප අධ්‍යාපන අධ්‍යකෂක තිලක් මනෝජ් පත්මලාල් මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි මතම යැපෙන සමාජයක තත්වය ඕක තමා. මම හිතන්නේ නම් අපේ රටේ විතරයි ඔය අමතර පන්ති පවත්වන්නේ. මේ පන්ති පැවැත්වීම සම්බන්ධයෙන් රජය නියාමනයක් කළයුතුයි. මොකද ඔය දෙකම හරියටම කෙරෙනවද කියලා බලන්න. (නි)
අහෝ හය වසරේ සිට 11 වසර දක්වා මා අධ්‍යාපනය ලැබූ පාසලේ අද සේවය කරන ගුරුවරුන් ගැන මෙවැන්නක් අසන්නට ලැබීමත් ශෝකයට කරුණකි. මා අධ්‍යාපනය ලබන සමයේ මෙම පාසල ගුරු දෙවිවරුන් වැඩ සිටි පින් බිමක් යැයි හඳුන්වා දුනහොත් එය අතිශෝක්තියක් නොවේ. අ.පො.ස. සා/පෙළ විභාගයට දින කීපයකට පෙර ද ඉංග්‍රීසි විෂය පිළිබඳව මාගේ අඩු ලුහුඬු කම් සොයා බලා මා කෙරෙහි අනුපමේය කරුණාවෙන් ඇගේ නිවසට මා ගෙන්වා ගෙන ඉගැන්වූ ගුරු මාතාවක් මහත් භක්තියෙන් අදද සිහියට නැගේ. ඒ ඇගේ පළමු දරු ප්‍රසුතියෙන් දින කිහිපයකට පසුව බවද මට අද මෙන් මතකය. තවද කිසිඳු ආර්ථික ප්‍රතිලාභයකින් තොරව පාසල් වේලාවෙන් පසුව අපට බුද්ධ ධර්මය හා සිංහල භාෂාව ඉගැන්වූ යතිවරයන් වහන්සේ නමක්ද මේ මොහොතේ මට සිහිපත් වෙයි. එවන් උත්තම ගුරු දෙවිවරු වසර 16 පසුව වුව අදද මහමගදී හමුවුවහොත් මගේ දෙදන නැමෙන්නේ මටත් හොරෙනි. ඒ ඔවුන් රුපියල් සත වලට මිල නොකළ වත්කමය, මනුස්සකමය. එහෙත් අද? (අ)
අද රටේ කොතැනත් තත්ත්වය ඕකයි (නි)